Kelani Komposta Organic Fertilizer - Proof කැළණි කොම්පෝස්ටා කාබනික පොහොර - සාධනය

■ ගෙවත්තේ එළවළු වගා කිරීමේ දී එක් බෝග වර්ගයක් ඊ ළඟ වතාවේත් එම ස්ථානයේ ම වගා කිරීමෙන් වළකින්න. විවිධ බෝගවල වැඩීමට පසෙහි තිබිය යුතු පෝෂණ අවශ්‍යතාව විවිධ ය. නයිට්‍රජන් ඌනතාවක් සහිත පසක මුලින් ම බෝංචි, දඹල වැනි පසට නයිට්‍රජන් එක් කරන රනිල බෝග වර්ගයක් වගා කළ හැකි ය. එසේ ම කොල්ලු වැනි ආවරණ බෝගයන් වගා කළ හැක. ඒවායේ අස්වැන්න ගත් පසුව, නයිට්‍රජන් අධිකව අවශ්‍ය බෝගයන් වන ඉරිඟු වැනි බෝග වගා කළ හැක.

■ එක ම බෝගය දෙවරක් එක් තැනක වගා නොකිරීම තුළ ලැබෙන තවත් වාසියක් නම් ඇතැම් ශාකවලට සුවිශේෂ වන රෝගවලට පස තුළ ස්ථාවර වීමට කාලයක් ලබා නොදීම ය. එමෙන් ම කෘමි පළිබෝධකයන් අධෛර්යවත් වීමක් ද බෝග මාරුව තුළින් සිදුවිය හැකි ය.

■ එක වර්ගයක එළවළු බීජ සියල්ල එකවර පැළ කිරීම වෙනුවට, මුලදී බීජ යම් ප්‍රමාණයක් සිටුවා සති 2-3-4කට පසු ඉතිරිය සිටුවීම මගින් ඔබට එහි අස්වැන්න දිගු කාල පරාසයක් පුරා ලබා ගත හැකි වේ. ඉඩමේ ඇති ඉඩකඩ උපරිම ලෙස භාවිතයට මෙය ක්‍රමවේදයකි. රතු ළුෑණු, නිවිති, මෑකරල්, රාබු වැනි එළවළු මෙලෙස වගා කළ හැකි ඒවා ය.

■ මිශ්‍ර ලෙස බෝග වැවීම තුළ පළිබෝධ සහ රෝග පාලනයට සහයක් ලැබේ. එක ම ඉඩ කඩක බෝග කීපයක් වැවීම තුළ කුඩා ඉඩක වැඩි බෝග ප්‍රමාණයක් වැවිය හැක. මඳක් උස්ව වැවෙන බෝග සෙවණේ සූර්යාලෝකයට සංවේදී බෝග වැවිය හැක. මඳක් කල් ගතව අස්වනු ලබා ගන්නා බෝග අතර ම කෙටි කලකින් අස්වනු ලබා ගත හැකි බෝග වැවිය හැක. උදාහරණයක් ලෙස මිරිස් සහ රාබු එකට වැවීම ගත හැකි ය.

සෙමින් වැඩෙන ශාකයක් වන මිරිස්වලට වැඩි ඉඩ කඩක් අවශ්‍ය වන කාලය වන විට රාබු අස්වැන්න ලබාගෙන අවසාන ය. රාබු ගලවන විට පස නැවත සකස් වීමක් ද සිදු වීම මිරිස් ශාකයට ආධාරයක් වේ.

■ වම්බටු බහුවාර්ෂික එළවළුවක් වන නිසා ඒවා පාත්තිවල මැදට වන්නට යෙදීම උචිත ය. වාර්ෂික එළවළු අස්වනු නෙළන විට ඊට බාධාවක් නොවීම සඳහා ය.

■ පළා වර්ග සඳහා වෙනම ඉඩකඩක් වෙන් කර ගත යුතු නො වේ. අනෙක් බෝග අතරට, විශේෂයෙන් මඳක් උසට වැවෙන වම්බටු, තක්කාලි වැනි බෝග සමඟ පළා වැවිය හැක. බහුවාර්ෂික බෝග සෙවණේ ද පළා වැවිය හැක.

■ වට්ටක්කා වැනි බෝග වැට දිගේ වැවීමෙන් අනෙක් බෝගවල ඉඩකඩ ආක්‍රමණය නොකරයි.

■ මිශ්‍රව බෝග වගාව තුළ එකිනෙකාට පෝෂණ සහ වෙනත් පහසුකම් හුවමාරු කර ගන්නා බව දැනගත යුතු ය. බෝංචි සහ ඉරිඟු එකට සිටුවනවා නම් බෝංචිවලින් පොළවට ලබාදෙන නයිට්‍රජන් ඉරිඟුවල වැඩීමට ආධාර වේ.

බෝංචි වැල් එතීමට ඉරිඟු ගස උපකාරී වේ.
බෝංචි වැල් එතීමට ඉරිඟු ගස උපකාරී වේ.
■ එළවළු පාත්ති අතර දාස්පෙති මල් ගසක් දෙකක් වවන්නේ නම් වට පනු හානිය අවම වේ. සුදු ළුෑණු වැවීමෙන් කුඩිත්තන් පාලනය වේ. කොත්තමල්ලි, මිංචි, අරූද වැනි ශාකවලින් නිකුත් වන සැර සුවඳ පළිබෝධ පාලනයට උපකාර වේ.

වාර්ෂික බෝග වැවීම සම්බන්ධව කරුණු දැක්වීම අවසන් කිරීමට පෙර ඔබගේ අවධානය සඳහා වැදගත් කරුණු කීපයක් යළි මතක් කරමි.

■ වගාවට ජලය යෙදීම නිතිපතා රටාවකට කිරීම – සවස් කාලයේ දී වාෂ්පීකරණය අඩු හෙයින් පැළවලට ජලය උරාගැනීමට වැඩි කාලයක් ලැබේ. එමෙන් ම ඔබ වසුනක් යොදා ඇත්තේ නම් රැය පුරා ම මඳින් මඳ පසට සහ පැළයට ජලය සපයමින් සිසිලස රඳවා ගනී.

■ කාබනික ද්‍රව්‍ය යොදා ගනිමින් පසට වසුන් යෙදීම නොනවත්වා ම කළ යුතු ය. පැළයක් හොඳට වැවුනා යනුවෙන් අදහස් වන්නේ පසෙහි එතෙක් තිබූ පෝෂණය උරා ගත්තා යන්න ය. එයට යළි පෝෂණය දිය යුතු ය.

■ කොම්පෝස්ට් මතුපිට විසුරුවනවාට වඩා පැළය අවට මඳක් සාරා පොහොර යොදා පස්වලින් වසා දමන්න.

■ පාත්තිවල නඩත්තුව ඉතා වැදගත් ය. මියගිය හෝ රෝගී වූ එළවළු ශාක සහ වල් පැළෑටි ඉවත් කළ යුතු ය.

■ ඔබ දියර පොහොර යොදන්නේ නම් සතියකට වරක් පත්‍ර මතට ඉසිය හැක. ඔබ උදයේ දියර පොහොර යෙදුවේ නම් ජලය ඉසිය යුත්තේ සවස් කාලයේ දී ය. පත්‍ර මත යෙදූ දියර පොහොර සේදී නොයාම සඳහා ය.

වසවිසෙන් තොර ගෙවත්තක් සඳහා ඔබගේ වෑයම සාර්ථක වන්නේ ඔබ විසින් ම අත්දැකීම් ලබාගෙන කරන වැඩි දියුණු කිරීම් මගිනි.